The Legend Of The Blue Sea
ජොසොන් යුගයේදී, දියකිදූරියක් වංශාධිපතියෙකුගේ පුත් කිම් ඩෑම්-රියාං දියේ ගිලීමෙන් බේරා ගනී. මෙම සිද්ධියෙන් පසුව, දරුවන් දෙදෙනා සමීප මිතුරන් බවට පත්වන අතර, ඩැම්-රියාං ඇයට සෙ-හ්වා යන නම තබයි. විවිධ ලෝක දෙකකින් පැවතියද, ඩැම්-රියාංට විවාහයක් කිරීමට බල කරන තුරු ඔවුන් ආදරයෙන් බැඳී සිටිති. සේ-හ්වා ඩෑම්-රියාං සමඟ ගොඩබිම ජීවත් වීමට සැලසුම් කර ඇති, නමුත් වැඩිහිටිභාවයට නොපැමිණීම නිසා ඇයට තවමත් ඇගේ මාළු වරල් මිනිස් කකුල් යුගලයක් බවට පත් කළ නොහැක. ඩැම්-රියාංගේ විවාහය පිළිබඳ පුවතෙන් දැඩි සේ කම්පාවට පත් වූ ඇය සදහටම ඔහු හැර යාමට තීරණය කරයි. කෙසේවෙතත්, සේ-හ්වා කෙරෙහි ඩැම්-රියොන්ග්ට ඇති ආදරය නිසා ඔහුගේ විවාහ රාත්‍රියේදී තම බිරිඳව අත්හැර දමා ඇයව සෙවීමට මුහුදට පනියි. කලබලයට පත්වූ සෙ-හ්වා ඔහුව දියේ ගිලීමෙන් බේරා ගන්නා අතර, ඔහු සහ ඇයගේ ආදරය පිළිබඳ ඔහුගේ මතකයන් වහාම මකා දමයි.
වසර ගණනාවක වෙන්වීමෙන් පසු, වැඩිහිටියන් වූ විට ඔවුන්ගේ මාවත් යළිත් තරණය කරනුයේ කුණාටුවකින් පසු ගුහාවක සිරවී සිටින නගර වැසියන් විසින් සෙ-හ්වා සොයා ගැනීමෙන්ය. අලුතින් පත් කරන ලද ආණ්ඩුකාර ඩෑම් රියුන්ග් යැං මහතා විසින් පවත්වාගෙන යනු ලබන තානායමක රාත්‍රියක් ගත කරයි. එදින සවස් වරුවේ යැං මහතා සෙ-හ්වාව ඩෑම් රියුන්ග්ට පෙන්වයි. ඩේම්-රියොන්ග්ට සෙ-හ්වා මතක නැති අතර, ඔහු ඇය කෙරෙහි අනුකම්පා කොට ඇයව නිදහස් කරයි. මෙයින් කෝපයට පත් වන්නේ නගර තානායම වන වංශාධිපතියෙකු වන යැං සේං-ගිල්ටය. ඔහු තම මුදල් ආශාවන් සඳහා සෙ-හ්වා සූරාකෑමට සැලසුම් කර තිබුණි. ඔහුගේ උපභාර්යාව වන හොං නාන් ගේ උදව්වෙන් ඩැම්-රියාං විනාශකර දැමීමට යැං කුමන්ත්‍රණය කරයි. ඔහු තම මාර්ගයේ සිටි අය ඝාතනය කර, ඩැම්-රියාං පාලනය කිරීමට නුසුදුසු බවට කටකතාවක් පතුරුවද්දී, දුෂ්ට දියකිදුරියක් නිසා ගම අනතුරේ බව බෙරු කටකතාවක් පතුරුවා ගම කලබලයට පත්කර ඒ වෙලාවේ සේ-හ්වා අල්ලා ගත්හ. දුර්ලභ මුහුදු මුතු බවට හැරෙන ඇගේ කඳුළු නිස්සාරණය කිරීම සඳහා යැං සහ ඔහුගේ උපභාර්යාව විසින් වද හිංසාවට ලක් කරන ලද සෙ-හ්වා ව ඩැම්-රියෝං විසින් බේරා ගනී. යැං සහ ඔහුගේ උපභාර්යාව අත්අඩංගුවට ගන්නා ඇති අතර, ඩැම්-රියෝං සෙ-හ්වා නැවත මුහුදට ගෙන එන්නේ ඇයට සුවය ලැබීමටය.
වර්තමානයේ, තරුණ හියෝ ජූන්-ජේ සිය දෙමව්පියන්ගේ දික්කසාදයෙන් පසුව සහ ඔහුගේ පියා ඔහුව ඇති දැඩි කිරීමේ අයිතිය ලබා ගැනීමෙන් පසු නිවසින් පලා යයි. ජූන්-ජේ ඔහුගේ උපදේශකයා වන ජෝ නැම්-ඩූ සහ පරිගණක අනවසරයෙන් ඇතුළුවීමේ දක්ෂතා සමඟ වංචා සිදුකිරීමේදී මෝහනය පිළිබඳ ඔහුගේ හැකියාවන් උපයෝගී කරගනිමින් ධනවත් පුද්ගලයන් රවටා මුදල් වංචා කරයි. ඔහුගේ වංචාවෙන් උපයා ගත් මුදල් උපයෝගී කරගනිමින් ජූන්-ජේ පසුව විදෙස් ගත වී සාගර නිවාඩු නිකේතනයක නැවතී සිටී. එහිදී ඔහුගේ හෝටල් කාමරයට කඩා වැදුණු අසාමාන්‍ය හැසිරීමක් සහිත අද්භූත කාන්තාවක් හමු වේ. ඔහු සැකකරුවෙකු ලෙස ඇයව පොලිසියට දෙන නමුත් ජූන්-ජේ ඇයව ලබා නැවත ගන්නේ කාන්තාවගේ අතෙහි දුටු බ්‍රේස්ලට් එක ගැන කුතුහලයෙන් පසුවය. නැම්-ඩූට බ්‍රේස්ලට් සමඟ කාන්තාවගේ ඡායාරූපයක් ජූන්-ජේ වෙතින් ලැබෙන අතර දුරකථනයෙන් බ්‍රේස්ලට් එක අව්‍යාජ බවත් එහි ගුණාත්මකභාවය නිසා සිතාගත නොහැකි තරම් ඉහළ මිලක් ඇති බවත් තහවුරු කරයි. පසුව ජූන්-ජේ ඇයව රවටා බ්‍රේස්ලට් එක ගැනීමට සැරසෙයි. ජූන්-ජේ සහ දියකිදුරිය ආදරයෙන් බැදෙයි.




0 Comments